වයඹ පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ හා වයඹ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය හා මැදගම්පොල, මල්දෙණිය ගම්වාසීන් ඒකාබද්ධව සංවිධානය කරන ලද "අස්වැන්නක වරුණ" පාරම්පරික උරුමයන්ගෙන් සැදුම්ලත් චාරිත්‍ර වාරිත්‍ර හා කලා පෙළහර 2026 ජූලි මස 21 වෙනි දින මැදගම්පොල පොල්අත්තේ ළිඳ අසල කමතේ දී පවත්වන ලදී.


















