විශ්‍රාම වැටුප්
නව සිවිල් විශ්‍රාම වැටුප් ගෙවීමේ දී,
- පළමු විශ්‍රාම වැටුප විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ගෙවීම් කරනු ලබන අතර, එය ලැබුණු විගස ඔබගේ විශ්‍රාම වැටුප් ලිපිගොනුව අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබීමට අවශ්‍ය කටයුතු ඉක්මන් කළයුතුය.
- විශ්‍රාම වැටුප් ලිපිගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබී ඇත්නම් ගොනුව ලැබුණු බවට හා ගොනුවට අවශ්‍ය තොරතුරු ද ලබාදෙන ලෙසට දැනුවත් කිරීමේ ලිපියක් මඟින් දැනුම්දෙයි. මෙම තොරතුරු අප්‍රමාදව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත ලබා දෙන්න.
අවශ්‍ය තොරතුරු,
- පදිංචි සහතිකය ( DS4 ආකෘතිය)
- ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
- බැංකු පොතේ සහතික කළ පිටපතක්
- උප්පැන්න සහතිකය
- ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ( ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා දෙයි)
- ඔබගේ විශ්‍රාම වැටුප ලැබී මාස 03 ක් ගතවනතුරුත් විශ්‍රාම වැටුප් ලිපිගොනුව අපවෙත නොලැබුණහොත් විශ්‍රාම වැටුප අත්හිටුවීමට සිදුවේ. එබැවින් විශ්‍රාම වැටුප ලැබුණු වහාම ඔබගේ විශ්‍රාම වැටුප් ලිපිගොනුව අප කාර්යාලය වෙත ලැබීමට අවශ්‍ය කටයුතු සලසා දෙන්න.
- ඔබගේ තොරතුරු ද ඉතා ඉක්මණින් ලබා දීමට කටයුතු කරන්න.
වැන්දඹු විශ්‍රාම වැටුපක් සකස් කිරීමේ දී,
- සිවිල් විශ්‍රාම වැටුප් හිමි විශ්‍රාමිකයා මියගිය වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය හා අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි දැනුවත් කළ යුතුයි.
- පසුව වැන්දඹු විශ්‍රාම වැටුප සකස් කර ගැනීමට පහත සඳහන් තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත ලබා දිය යුතුය.
- වැන්දඹුවගේ ඉල්ලීම් ලිපිය.
- මරණ සහතිකයේ මුල් පිටපත.
- විවාහ සහතිකයේ මුල් පිටපත.
- අවුරුදු 26 අඩු දරුවන් ඇත්නම් උප්පැන්න සහතික.
- වැන්දඹු අනත්දරු අංකය (82/83)
- වැන්දඹුවගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක්
- වැන්දඹුවගේ බැංකු පාස්පොතේ සහතික කළ පිටපතක්
- පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක්
- පදිංචි සහතිකයක් (DS4 වාර්තාව)
- නමේ වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්.
- ජීවදත්ත තොරතුරු ආකෘතිපත්‍රය. (PD 4 ආකෘතිපත්‍රය)
රැගෙන භාර දිය යුතුය.
අනත්දරු විශ්‍රාම වැටුපක් සකස් කර ගැනීම,
විශ්‍රාවිකයා මියගිය පසු වයස අවුරුදු 26 ට අඩු රැකියා විරහිත දරුවන් සඳහා ගෙවනු ලබයි. ඒ සඳහා පහත ලියකියවිලි රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන්න.
- අනත්දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- අනත්දරුවාගේ බැංකු පාස්පොතේ ග්‍රාම නිලධාරි සහතික කළ පිටපතක්.
- අනත්දරුවාගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ පිටපතක්.
- මව සහ පියාගේ මරණ සහතිකවල මුල් පිටපත්.
- මව සහ පියාගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
- අවුරුදු 18 ට අඩු නම් භාරකරුවෙකු සමඟ ද 21 වැඩි නම් 5/1,6.7.8 අයදුම් පත් ඉදිරිපත් කළ යුතුය.
ආබාධිත විශ්‍රාම වැටුපක් සකස් කිරීමේ දී,
විශ්‍රාම වැටුප ලබමින් සිටින විශ්‍රාමිකයා මියගිය පසු , එම විශ්‍රාම වැටුප නතර කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත හා අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කළ යුතුය. පසුව ආබාධිත විශ්‍රාම වැටුප සකස් කිරිමට අවශ්‍ය පහත සඳහන් ලියකියවිලි රැගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන්න.
- ආබාධිතයා විසින් විශ්‍රාම වැටුප ඉල්ලීමේ ලිපිය.
- නිත්‍ය ආබාධිත දුබලතාවයට පත් අනත්දරුවන් සඳහා වූ ආබාධිත විශ්‍රාම වැටුප් ඉල්ලුම්පත (අබා 01හා 02)
- දිවුරුම් ප්‍රකාශය සහ PD 4 අයදුම් පත්‍රය.
- ආබාධිත අනත්දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
- මියගිය විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල්පිටපත.
- වෛද්‍ය සහතිකවල පිටපත්.
- ආබාධිතයාගේ සම්පූර්ණ වර්ණ ඡායාරූපයක්.
- ආබාධිතයාගේ පාස්පෝට් ප්‍රමාණයේ ග්‍රම නිලධාරි සහතික කල වර්ණ ඡායාරූපයක්.
- ආබාධිතයාගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කරන ලද පිටපතක්.
- ආබාධිතයාගේ බැංකු පාස්පොතේ ග්‍රාම නිලධාරි සහතික කරන ලද පිටපතක්.
- භාරකරුවෙකු අවශ්‍ය වන්නේ නම්,
- ආබාධිතයාගේ පාස්පෝට් ප්‍රමාණයේ ග්‍රම නිලධාරි සහතික කල වර්ණ ඡායාරූපයක්.
- භාරකරුගේ පාස්පෝට් ප්‍රමාණයේ ග්‍රම නිලධාරි සහතික කල වර්ණ ඡායාරූපයක්.
- භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ හා බැංකු පාස්පොතේ ග්‍රාම නිලධාරි සහතික කරන ලද පිටපත්.
ඉහත තොරතුරු ප්‍රාදේශී ලේකම් කාර්යාලයේ විශ්‍රාම වැටුප් අංශය වෙත ලබා දීමෙන් පසුව ආබාධිත පරීක්ෂණය සඳහා දිනයක් ලබා දෙනු ලැබේ. එම දිනයට පැමිණ එම පරීක්ෂණයට පෙනී සිටිය යුතුවේ.
විශ්‍රාමික හැඳුනුම්පත සකස් කිරීමේ දී,
- සිවිල් හා හමුදා නව විශ්‍රාමික හැඳුනුම්පත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සකස් කරනු ලබයි.
පළුදු වු විශ්‍රාමික හැඳුන්ම්පත් සඳහා නව විශ්‍රාමික හැඳුනුම්පත් නිකුත් කිරීම,
- පළුදු වූ හැඳුනුම්පත.
- අඟල් 3¼ * 2 ½ ප්‍රමාණයේ ඡායා පිටපත් 02 ක් ග්‍රාම නිලධාරි විසින් සහතික කර ගැනීම.
- ඉල්ලීම් ලිපිය.
නැති වූ හැඳුනුම්පතක් සඳහා,
- හැඳුනුම්පත නැති වූ බවට පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපතක්.
- ඉල්ලීම් ලිපිය.
- අඟල් 3 ¼ * 2 ½ ප්‍රමාණයේ ඡායා පිටපත් 02 ක් ග්‍රාම නිලධාරි විසින් සහතික කර ගැනීම.
















